පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඬ කාලසීමාව මේ වන විට ක්‍රියාත්මක වනවා.
මෙම කාල සීමාවේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම තහනම් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ඒ අනුව එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ 2025.05.03 දින පවත්වන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්දශන හා විස්තර 2025.05.04 දිනය තුළ එක් එක් රූපවාහිනී/ ගුවන්විදුලි නාලිකාවේ එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කිරීමට හා 2025.05.04 දින පළ කරනු ලබන ප්‍රවෘත්තිපත‍්‍රවල එම රැස්වීම්වල ඡායාරූප හා වාර්තාව පළ කිරීමට හැකි බවයි.
මේ අතර ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට(05) උදෑසන ආරම්භ වනවා.
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.
දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී මෙවර ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.
ඒ සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධික වේ.
පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් තුන්සීය තිස් අටකි.
එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.
මැතිවරණ කොමිසමෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
