ලොව වයස්ගතම ගඟනගාමියා සිය 70 වන ජන්ම දිනය යෙදෙන අද (20) දින පෘථිවිය වෙත පැමිණ තිබෙනවා.
නාසා ආයතනයේ සේවය කරන ඩොන් පෙටිට් (Don Pettit) නැමැති මෙම ඇමරිකානු ගඟනගාමියා අභ්‍යවකාශයේ දින 590 ක් ගත කර ඇති අතර, එය ඔහුගේ සිව්වන ගගන මෙහෙයුමයි.
පෙටිට් සෙනසුරාදා රාත්‍රී 9.20 ට පමණ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් (ISS) සොයුස් එම්එස් -26 අභ්‍යවකාශ යානයෙන් පිටත්ව ගොස් කසකස්තානයේ පෘථිවියටයි ගොඩ බැස ඇත්තේ.
1955 වසරේ උපත ලැබූ පෙටිට් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කර ඇති අතර, පෘථිවිය වටා 3,500 කට වැඩි වතාවක් කක්ෂගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කක්ෂයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා තවමත් ජෝන් ග්ලෙන් වන අතර ඔහු 1998 දී වයස අවුරුදු 77 දී නාසා මෙහෙයුමක පියාසර කළා.