දකුණු කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් දිනුම්

Published on

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ජනාධිපති පසුගිය අඟහරුවාදා රාත්‍රීයේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමිනුයි විපක්ෂය දෝෂාභියෝගයක් ගෙන ආවේ.

ඊට අදාළ ඡන්ද විමසීම එරට වේලාවෙන් අද පස්වරුවේ පවත්වා තිබෙනවා.

මෙහිදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් දෝෂාභියෝගය සම්මත විය යුතු වන අතර ඒ අනුව මන්ත්‍රීවරු 200 දෙනෙකු යෝජනාව සඳහා අනුමැතිය ලබාදීම සිදු කළ යුතු වෙනවා.

එරට විපක්ෂය මන්ත්‍රීවරුන් 192කුගෙන් සමන්විත වන අතර දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට නම් ඔවුන්ට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අට දෙනෙකුගේ සහාය ලබා ගත යුතුයි.

කෙසේ වෙතත් ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ජනාධිපතිවරයා නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයෙන් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ පාර්ලිමේන්තු සභාවෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

නමුත් එම මන්ත්‍රීවරුන් අතරින් කිහිපදෙනෙක් නැවතත් පාර්ලිමේන්තුවට පැමිණ තිබූ අතර ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ දී එහි සිට ඇත්තේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් පමණක් බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ජනාධිපති යුන්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වුණා.

දෝෂාභියෝගයට අදාළ දෙවන ඡන්ද විමසීම නොවැම්බර් 11 වනදා පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

Latest articles

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

More like this