ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එලොන් මස්ක්ට එරෙහිව දස දහස් ගණනින් විරෝධතා

Published on

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ එරට බිලියනපතියෙකු වූ ඊලෝන් මස්ක්ට එරෙහිව එරට විරෝධතා රැසක් පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත්තේ රජයේ ආයතනවලට තීරුබදු පැනවීම සහ කප්පාදුවල බලපෑමට එරෙහිව එරටේ පරිපාලනයට එරෙහිව ඊයේ (05) දිනයේදී අමෙරිකාවේ ප්‍රාන්ත 50ම ඇතුළුව ස්ථාන 1,200ක විරෝධතා සහ පෙළපාලි පැවැත්වූ බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෙන ඇති තීරු බදු පැනවීම් ඇතුළු ඔහුගේ න්‍යාය පත්‍ර හේතුවෙන් අමෙරිකාවට සාමාජිය සහ ආර්ථික ගැටළු ඇතිවන බවයි එම විරෝධතාකරුවන් සිය විරෝධතා මගින් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව මෙම රැලි පවත්වා ඇත්තේ ට්‍රම්ප් ගෝලීය ආර්ථිකය ඉහළ නංවා, කලාතුරකින් භාවිතා කරන හදිසි බලතල භාවිතා කරමින්, වෙළඳපළ වටිනාකමෙන් ඩොලර් ට්‍රිලියන ගණනක් විනාශ කිරීමෙන් දින කිහිපයකට පසුවයි.

එසේම මෙම විරෝධතාවලට සහභාගී වූවන් පරිපාලන ප්‍රතිපත්ති ලැයිස්තුවක් උපුටා දක්වා ඇති අතර ආක්‍රමණශීලී වෙළඳ බදු, නීත්‍යානුකූල සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට එල්ල කරන ප්‍රහාර සහ ග්‍රීන්ලන්තය ආක්‍රමණය කිරීමේ තර්ජන මෙන්ම එලොන් මස්ක්ගේ ඊනියා රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව ද ඊට ඇතුළත්.

විරෝධතාකරුවන් ලන්ඩන්, ලිස්බන් සහ පැරිස් ඇතුළු යුරෝපීය නගරවල ද රැස්වී බර්ලිනයේ ටෙස්ලා ප්‍රදර්ශනාගාරයක් ඉදිරිපිට ද විරෝධතා දක්වා තිබෙනවා.

ඔවුන් පවසා ඇත්තේ අමෙරිකානු ආර්ථිකය කඩා වැටීමත්, ඩොලර් ට්‍රිලියන 06කට ආසන්න ධනයක් විනාශ කිරීමෙන් අමෙරිකානු ජනාධිපතිවරයා මානසික අවපීඩනයකින් පෙළෙන බවයි.

එමෙන්ම අමෙරිකානු රජය බිලියනපතියෙකු විසින් අත්පත් කරගන්නා බවද එම විරෝධතාවට එක්වූවන් චෝදනා කර සිටිනවා.

Latest articles

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

More like this