සටන් විරාමයෙන් පසු, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගසා තීරයේ ළමුන් 322ක් මරුට – යුනිසේෆ් සංවිධානය

Published on

සටන් විරාමයෙන් පසු, ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් 322 දෙනෙකු මිය ගොස් ඇතැයි යුනිසේෆ් සංවිධානය පවසනවා.

එමෙන්ම ප්‍රහාරවලින් 609 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.

ඉකුත් මාර්තු 18වැනිදා ඊශ්‍රායලය නව යුද මෙහෙයුම් ආරම්භ කළ අතර එම සංවිධානය නිවේදනය කරන්නේ මාර්තු 31 දක්වා දින 10 ක් තුළ සෑම දිනකම ළමුන් 100 දෙනෙකු මිය ගොස් හෝ ආබාධිත තත්ත්වයට පත් වී ඇති බවයි.

මියගිය ළමුන්ගෙන් බොහෝ පිරිසක් අවතැන්ව සිටි, තාවකාලික කූඩාරම්වල හෝ හානි වූ නිවාසවල සිටි අය වේ.

නමුත් ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද එම සංඛ්‍යාලේඛන ව්‍යාජ ඒවා බව පවසමින් ඊශ්‍රායලය, එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන, එම සංඛ්‍යාලේඛන විශ්වසනීය බවයි සදහන් කරන්නේ.

යුනිසෙෆ් වාර්තාවල දැක්වෙන්නේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද්ධය ආරම්භ වී මාස 18කට වැඩි එම කාලය තුළ ළමුන් 15,000 දෙනෙකු මිය ගොස් ඇති බවත්, 34,000 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this