මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 150 දක්වා ඉහළට

Published on

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රභල භූමිකම්පාවෙන් එරටේ මෙන්ම අසල්වැසි තායිලන්තයේ මියගිය සංඛ්‍යාව 150කට අධික බව වාර්තාවනවා.

ඉන් පුද්ගලයින් 750කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් තවත් බොහෝ පිරිසක් තවමත් සුන්බුන් අතර සිරවී සිටින බව කියයි.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12.50ට පමණ මෙම භුමි කම්පාව ඇති වූවා.

එය රික්ටර් මාපකයේ 7.7ක් ලෙසයි සටහන් වූයේ.

එමෙන්ම එම භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇති වී තිබෙනවා.

මෙම භූමිකාම්පාවල ප්‍රබලත්වය අසල්වැසි තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී තිබුණු අතර ඒ හේතුවෙන් බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වූ බව සඳහන්.

කෙසේ නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ භූමිකම්පාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නෙමැති බවයි.

මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200 දෙනෙක් පමණ රැඳී සිටින අතර, බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බව එම අමාත්‍යංශය පැවසුවා.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this