ඇමරිකාව චීන ආයතන රැසක් ‘අපනයන පාලන ආයතන ලැයිස්තුවට’ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනයෙන් දැඩි විරෝධය

Published on

ඇමරිකාව චීන ආයතන රැසක් “අපනයන පාලන ආයතන ලැයිස්තුවට ” ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු විසින් මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙලෙස චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

ඇමරිකාව ජාතිකාරක්ෂක සංකල්පය අඛණ්ඩව ව්‍යාප්ත කර අයුතු ලෙස අපනයන පාලන පියවර ක්‍රියාත්මක කරමින් චීන ආයතන රැසක් “අපනයන පාලන ආයතන ලැයිස්තුවට ” ඇතුළත් කිරීම හෙළා දකින බවයි ඔහු එහිදී කියා සිටියේ.

ඇමරිකාවේ එම ක්‍රියාව අදාළ ආයතනවල නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය කරන අතර ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයේ ස්ථායීතාව ද විනාශ කරන බව ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම ඇමරිකාවේ මෙවැනි ක්‍රියාවන් දෙපාර්ශ්වය අතර සංවාදය හා සහයෝගිතා මගින් ගැටළු විසඳා ගැනීමට ඉවහල් නොවනු ඇති බවත් මෙම වැරදි ක්‍රියා වහාම නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවත් චීනය අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම චීනය නිසි පියවර අනුගමනය කරමින් චීන ආයතනවල නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කරනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇති බවත් සඳහන්.

Latest articles

අර්ච්චුනාට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම ජුනි 26 කැඳවන්න නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස...

මෙරටේ සිදුවන මරණ 70%කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන්...

ගෙවුණු දින දෙකට නීති කඩකළ රථවාහන 100කට අධික ගණනක් පොලිස් භාරයට

පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක්...

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

More like this