අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට ට්‍රම්ප්ගෙන් සැලසුමක්

Published on

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අප්‍රේල් 2 වැනිදා සිට මෝටර් රථ සඳහා 25%ක තීරුබදු පැනවීමට සැලසුම් කර තිබෙනවා.

ඔහු ඊයේ (26) දින ධවල මන්දිරයේ දී ප්‍රකාශ කළේ ඇමරිකාවේ නි‍ෂ්පාදනය නොකරන සියළුම මෝටර් රථ සඳහා තීරුබදු පැනවීමේ එම නියෝගයට අත්සන් තබන බවයි.

අප්‍රේල් 02 වැනිදා සිට එය ක්‍රියාත්මක වන අතර අප්‍රේල් 03 වැනිදා සිට බදු එකතු කිරීම ආරම්භ කරන බව ද ඔහු එහිදී සඳහන් කළා.

එම තීරුබදු පැනවීමෙන් ඇමරිකානු නිෂ්පාදන දිරිමත් කෙරෙන බවත්, රජයට නව ආදායම් උත්පාදනය වන අතර ජාතික ණය අවම කර ගැනීමට එමඟින් හැකි වන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ තීරුබදු පැනවීමෙන් මෝටර් රථ මිල ඉහළ නැංවෙන අතර දැනටමත් ඉහළ මිල ගණන්වලට මුහුණ දී සිටින පාරිභෝගිකයින්ට එය හානිකර වනු ඇති බවයි.

Latest articles

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් ජනපති අරමුදලෙන් දෙන මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය...

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

More like this