හමාස් සංවිධානය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුම නිමාවට පත්වීමෙන් පසු ගත වූ සතියක කාලය ඇතුළත ගාසා තීරයේ දරුවන් 270කට වැඩි පිරිසක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් දින කිහිපයක් ඇතුළත දරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.
ඊයේ වන විට ඊශ්‍රායල හමුදාව අඛණ්ඩව අටවැනි දිනයටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනකු ඇතුළුව පුද්ගලයන් 23 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු මේ දක්වා මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇතැයි ද, තුවාල ලැබූ සංඛ්‍යාව 1,13,704ක් වන බව ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර ඇති බවයි.
ඊයේ වන විට මේ දක්වා මිය ගිය සංඛ්‍යාව 61,700ක් වන බවයි ගාසා රාජ්‍ය මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
එමෙන්ම තවත් දහස් සංඛ්‍යාත පලස්තීනුවන් ප්‍රමාණයක් කඩා වැටුණු ගොඩනැඟිලි සුන්බුන් අතර අතුරුදන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.