ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද රෝහලෙන් පිටව යයි

Published on

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) දිනයේ රෝහලෙන් පිටව යාමට නියමිත බවත්, අනතුරුව වතිකානුවේ උන්වහන්සේගේ නිවසට පැමිණෙන බවත් වෛද්‍යවරු විසින් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම මාසයකට අධික කාලයක් රෝහල්ගතව සිටි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද දිනයේ දී ජනතාව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි පවසන්නේ.

රෝමයේ වේලාවෙන් අද මධ්‍යහ්න 12 ට එය සිදු වනු ඇති.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කිරීමෙන් මසකට පසුව පළමුවරට උන්වහන්සේගේ ඡායාරූපයක් ද පසුගිය දා වතිකානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.

පසුගිය මස 14 වනදා පෙනහලුවල ඇති වූ නියුමෝනියා ආසාදන තත්ත්වයක් හේතුවෙනුයි උන්වහන්සේ රෝහල් ගත කර තිබුණේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින නමුත් තවදුරටත් ප්‍රතිකාර ලැබීමට අවශ්‍ය බවයි.

Latest articles

ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 28ක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 28 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල...

කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය අය වෙනුවෙන් ජනපති අරමුදලෙන් දෙන මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය...

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නංවන්න “Clean Sri Lanka ” අත්වැල් බැඳ ගනී

කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව...

ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වෙසක් සැමරුම් දෙවන දිනටත් ඇරඹේ

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන "වෙසක් බැති ගී සරණිය" ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී...

More like this