නව රජයේ පළමු අතුරු සම්මත ගිණුම සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී සභාවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අද ( 05) දින ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.10.00ට පමණයි.
ලබන වසරේ මුල් මාස 4ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන සැලසෙන ආකාරයෙන් නව ප්‍රතිපාදන සම්මත කිරීම මෙහි අරමුණයි.
පසුගිය 25 වැනිදා මෙම අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ද හිමි වුණා.
මෙම ගිණුම පිළිබඳ විවාදය අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.