මත්පැන් අළෙවි කිරීම සඳහා වූ බලපත්‍ර ලබාගත් පිරිසගේ ලැයිස්තුව අද (04) සවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ශානක්‍යයන් රාසමානික්කම් මහතා නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැ’යි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ .