දේශබන්දු හැංගිලා – වටගල

Published on

ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පාවා දුන්, පොලිස්පතිකම කොන්ත්‍රාත්වලට යට කෙරූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැන් සැඟ වී සිටින බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති පාර්ලිමේන්තු රැස්වීම අතරතුරයි.

හිටපු පොලිස්පති අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණද ඔහු හැංගි ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ස්වාධීනත්වය රජය ලබා දී ඇති බවත්, මේ වන විට ඔහු සෙවීමට ඔවුන් වැඩ කටයුතු කර ගෙන යන බවයි වටගල මහතා කියා සිටියේ.

2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.

ඒ අනුව කොළඹ ඇතුළු ඔහු රැඳී සිටි බවට තොරතුරු වාර්තා වූ නිවාස 04ක් ඊයේ පරික්ෂාවට ලක් කෙරුණු අතර එම නිවාස කිසිවෙක ඔහු සිට නැහැ.

මේ සම්බන්ධයෙන් 6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

Latest articles

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව සිදු කළ ප්‍රකාශ අසත්‍යයයි – කංචන

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ ලාභාංශ කොටස් පිළිබඳව පසුගියදා රජය, දේශපාලන නියෝජිතයින් සිදු කරන ලද ප්‍රකාශ...

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ජාතික කාන්තා සතියක්

මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම...

නියාමන කාර්යයට ස්ථාපිත කළාට විදේශ සේවා කාර්යංශය ව්‍යාපාර ස්වරූපයෙන් කටයුතු කරලා – කෝප් කමිටුව

නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාර ස්වරූපයෙන්...

හිටපු ජනපති රනිල් “Nxt” සම්මන්ත්‍රණය අමතමින් කළ දේශනය

ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සමඟ ඇති කර ගන්නා ආර්ථික කොරිඩෝව හේතුවෙන් මේ සියවසේ මැද...

More like this