ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කිහිපයක නිවාස වටිනාකම ශීඝ්‍රයෙන් පහළ බැසේ

Published on

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස වෙළඳ පොළ අගය ක්‍රමයෙන් පහත වැටි ඇති බව නවතම දත්ත වාර්තා අනුව හදුනාගෙන තිබෙනවා.

ඒ CoreLogic විසින් සිදු කළ පර්යේෂණ මගින්.

සිඩ්නි සහ මෙල්බන්වල නිවාස වටිනාකම ක්‍රමයෙන් පහත වැටී ඇති බවයි එම පර්යේෂණ අධ්‍යක්ෂ Tim Lawless (ටිම් ලෝලස්) පැවසුවේ.

CoreLogic හි ජාතික නිවාස වටිනාකම් දර්ශකයට අනුව නොවැම්බර් මාසයේ දී නිවාස වටිනාකම ඉහළ ගොස් ඇත්තේ සියයට 0.1 කින් වන අතර 2023 වසරේ ජනවාරි සිට මෙලෙස ජාතික නිවාස වටිනාකම මෙවැනි අඩු අගයකින් ඉහළ ගිය ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන්.

ඕස්ට්‍රේලියානු නිවාස අගයෙහි වාර්තාගත වැඩීවීමක් පසුගිය සැප්තැම්බර් මාසයේ පෙන්නුම් කර ඇති අතර ඒ සිඩ්නි නගරයෙන් බවත් පසුගිය වසරේ මෙම කාලසීමාවට සාපේක්ෂව නිවාස වටිනාකම සියයට 2.3ක අඩුවීමක් පෙන්නුම් කරන බවයි එම පර්යේෂණ වාර්තාවල දැක්වෙන්නේ.

පර්ත් හි නිවාස වටිනාකම් නොවැම්බරයේ සියයට 1.1 කින් ද ඒ හා සමානව, බ්‍රිස්බේන්හි කාර්තුමය වර්ධන වේගය සියයට 1.8 දක්වා අඩු වි ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this