සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ලේ සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගණේමුල්ලේ සංජීව පසුගිය පෙබරවාරි 19 වන දින අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට විමර්ශන සිදු කරමිනුයි පවතින්නේ.
ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනා ඊයේ (28 ) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 28ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගංගොඩවිල කංකානම්ලාගේ උදාර නිර්මාල් ගුණරත්න හා වයස අවුරුදු 31 වන දූනගහ ප්‍රදේශයේ සෙනරත් දිසානායක නලින් දුෂ්‍යන්ත යන අය අපරාධය මෙහෙයවීමට භාවිතා කරන ලද සිම්පත් ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.