ජපානයේ රැකියා අවස්ථා රැසක් ගන්න ඇමති විජිත විශේෂ සාකච්ඡාවක

Published on

ජපානයේ පවතින රැකියා අවස්ථා ශ්‍රි ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹදී පැවැත්වුණා.

ඊට ජපාන ජාත්‍යත්නර මිනිස් බල සංවිධානය වන IM Japan ආයතනයේ සභාපති කනමොරි හිතොෂි මහතා (Mr. Kanamori Hitoshi) ඇතුළු නියෝජිතයින් එක්ව සිටි බව සඳහන්.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ඉල්ලා සිටියේ, ජපානයේ පවතින රැකියා අවස්ථා සඳහා සුදුසුකම්ලත් ශ්‍රමිකයින් බඳවාගැනීම වැඩි කරන ලෙසයි.

ඉදිරියේ දී විශේෂයෙන් ජපානය ඇතුළු රටවල රැකියා සඳහා මෙරට ශ්‍රම බලකාය පුහුණු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ හා රාජ්‍ය වෘත්තිය පුහුණු ආයතනවල සහාය ලබාගැනීම වඩාත් කාර්යක්ෂම කරන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සමඟ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සක්‍රිය දායකත්වයක් ලබාදෙන බව ද විජිත හේරත් මහතා IM Japan ආයතනයේ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කළා.

එහිදී IM Japan ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ ජපානයේ රැකියා සඳහා බඳවාගන්නා වැඩපිළිවෙල යටතේ TITP, SSW කාණ්ඩවලට අයත් සාත්තු සේවක හා ඉදිකිරීම් රැකියා අවස්ථා රැසක් පවතින බවත්, ඒ සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට වැඩි අවස්ථාවක් සලසා දෙන බවයි.

ඉදිරියේ දී රියදුරු ඇතුළු තවත් ක්‍ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින් වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළා.

නිපුණතාවයෙන් සපිරි ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් බිහිකිරීමට ශ්‍රි ලංකා රජය ගන්නා උත්සාහය හිතොෂි මහතා මෙහිදී අගය කර සිටි බව කියයි.

ශ්‍රි ලාංකික විශ්ව විද්‍යාල සිසුන් සඳහා ජපානයේ TITP ඛාණ්ඩය යටතේ පුහුණු අවස්ථා ලබාදීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

Latest articles

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...

ජනපති, මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන්...

මාවෙයි සේනාධිරාජා ගැන මතකය අවධි කළ හිටපු ජනපති රනිල්

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති...

රත්නපුරට මිලියන 32ක් වටිනා මැණික් කැපීමේ පුහුණු මධ්‍යස්ථානයක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රත්නපුර හිදැල්ලෙන ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ...

More like this