කුරානය පිළිස්සූ ඉරාක ජාතිකයා ඝාතනය කරයි

Published on

ශුද්ධ වූ අල් කුරානය පුළුස්සා ප්‍රචණ්ඩ විරෝධතා සඳහා මග පෑදූ පුද්ගලයකු ස්වීඩනයේදී වෙඩිතබා ඝාතනය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස මියගොස් ඇත්තේ ඉරාක ජාතික සල්වාන් මොමීකා නම් 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

ස්ටොක්හෝම් අසල සොඩර්ටල්ජ් නගරයේ මහල් නිවාස සංකීර්ණයක් තුළදී මෙම ඝාතනය කර ඇති බවයි කියන්නේ.

ස්ටොක්හෝම් පොලිසිය ඊයේ (30) නිවේදනය කළේ, ඝාතනයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ස්වීඩනයේ වෙසෙන ඉරාක ජාතික මොමිකාට, 2023 වසරේදී අවස්ථා හතරකදී ජනවාර්ගික කණ්ඩායමකට එරෙහිව තවත් අයෙකු සමඟ විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේදී චෝදනා එල්ල විය.

ඊට අදාළ නඩුවේ තීන්දුව ඊයේ දිනයේදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබු අතර අධිකරණ තීන්දුව ලබා දීමට පැය කිහිපයකට පෙරයි ඔහු මෙලෙස මරා දමා ඇත්තේ.

කෙසේවෙතත් ස්ටොක්හෝම් දිස්ත්‍රික් අධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ විත්තිකරුවන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව තහවුරු වීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්දැමූ බවයි.

මෝමිකා නමැත්තා ඉස්ලාම් විරෝධී විරෝධතා මාලාවක් ගෙන ගිය අතර එය මුස්ලිම් බහුතරයක් සිටින රටවල් රැසක විරෝධතාවන්ට හේතු වූවා.

මොහු 2023 වසරේදී ස්ටොක්හෝම් මධ්‍යම පල්ලියෙන් පිටත ඉස්ලාම් දහමේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුරානයේ පිටපතකට ගිනිතැබීමෙන් පසු නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා.

නමුත් එම ග්‍රන්ථය පුළුස්සා දැක්වූ විරෝධතාවට ස්වීඩන් රජය අවසර ලබා දී තිබුණේ එය භාෂණයේ නිදහසට අනුකූල බව පවසමිනි.

Latest articles

උතුරේ ඉඩම් ගැටළුව සමාලෝචනය කර ජනතාවට නැවත ඉඩම් ලබා දෙනවා – ජනපති

ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත්, උතුරේ ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර...

ජනපති, මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන්...

මාවෙයි සේනාධිරාජා ගැන මතකය අවධි කළ හිටපු ජනපති රනිල්

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා වෙත සිය ශෝකය ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති...

රත්නපුරට මිලියන 32ක් වටිනා මැණික් කැපීමේ පුහුණු මධ්‍යස්ථානයක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති රත්නපුර හිදැල්ලෙන ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ...

More like this