ඉන්දුනීසියාවේ නාය යාමකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා ප්‍රාන්තයේ මෙම නායයෑම සිදු ව ඇත්තේ.
ඉන්දුනීසියා මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෙම නායයෑමට හසුවූ පුද්ගලයන් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
මෙම ප්‍රදේශයට අධික වැසි ලැබෙමින් පවතින අතර ඉදිරි දින කිහිපයේදීද වර්ෂාව තවදුටරත් ඉහළ යා හැකි බවයි එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ.
කෙසේ නමුත් අවදානම් ස්ථානවලින් ජනතාව ඉවත් කර තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.
නායයෑමෙන් විනාශ වූ ගොඩනැගිලි හා නිවාස පිරිසිදු කිරීමේ කටයුතු ද දැන් ක්‍රියාත්මක කර තිබෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.