කොහුවල ප්රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
අද පස්වරු 2ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව සදහන්.
වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.