ඇප කොන්දේසි කඩ කළ පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

Published on

ඇප කොන්දේසි කඩකරමින් විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පොඩි ලැසී නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජනිත් මදුසංඛ නොහොත් පොඩි ලැසී නැමැත්තා පසුගිය වසරේ දෙසැම්බර් 09 වැනි දින ගාල්ල බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබුවා.

එහිදී මීළඟ නඩු දිනය දක්වා පොඩි ලැසී නැමත්තාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණා.

ඒ අතරවරයේ මොහු ඇප කොන්දේසි කඩකරමින් විදේශ ගතවී ඇති බවයි වාර්තා වුණේ.

මේ පිළිබඳ සිදු කළ විමර්ශනවලදී මොහු ඉන්දියාවට පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

මේ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ පෞද්ගලික මැදිහත්වීම මත මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්දීය පොලිසියෙන් සහය ඉල්ලා තිබෙනවා

ඒ අනුව පොඩි ලෑසි නැමැත්තා අද (16) ඉන්දියාවේදි එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු ඉදිරියේදී මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

Latest articles

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමයි

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමා තිබෙනවා. අවසාන...

සුළං විදුලි බල ව්‍යාපෘතියේ අදානී සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම ගැන අධිකරණයෙන් නියෝගයක්

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන...

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් කැපවී සිටිනවා – චීනය

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික...

කොහුවල ප්‍රධාන පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

කොහුවල ප්‍රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක වෙඩි තැබීමක් සිදුව...

More like this