2024 වසරේ පරිභෝහික පනත උල්ලංඝනය කළ වැටලීම් 24761ක් – මිලියන 207කට අධික දඩ මුදලක්

Published on

2024 වර්ෂයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව වැටලීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව පසු ගිය වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වැටලීම් 24761ක් සිදුකර ඇති බව සඳහන්.

එහිදී නඩු පැවරීම් 23953ක් සිදුකර ඉන් අවසන් වූ නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියමකර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

අදාළ වැටලීම්වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සඳහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම , විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සඟවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම, තරඟවිරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙදාම් සිදු කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර ඇති බව සඳහන්.

අදාළ වැටලීම්වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබුණ අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් ලෙස සහල් සම්බන්ධව වැටලීම් 3114ක් , පාන් සම්බන්ධව වැටලීම් 1624ක් සහ බිස්කට් සම්බන්ධ වැටලීම් 1086ක් ලෙස සිදුකර තිබෙනවා.

වැටලීම් සිදු කිරීමේදී සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇදුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශනවලදී පරීක්ෂාවට ලක්කර ඇති බව සඳහන්.

සියලුම දිස්ත්‍රික්කවල මෙම වැටලීම් ක්‍රියාත්මක කළ අතර වැඩිම වැටලීම් සිදුකළ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන වශයෙන් කුරුණෑගල, ගම්පහ, මහනුවර, කෑගල්ල, පුත්තලම, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වර්ෂය තුළ එක් දිස්ත්‍රික්කයක් දහසකට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කය වසර තුළදී වැටලීම් 2282ක් සිදුකර තිබෙනවා.

2025 වර්ෂයේදී පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලිවලට කඩිනමින් පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර දිවයිනපුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීමටත්, උපායදූතයන් මගින් වෙළෙදුන් විසින් සිදුකරනු ලබන වැරදි හඳුනාගෙන නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

Latest articles

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමයි

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමා තිබෙනවා. අවසාන...

සුළං විදුලි බල ව්‍යාපෘතියේ අදානී සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම ගැන අධිකරණයෙන් නියෝගයක්

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන...

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් කැපවී සිටිනවා – චීනය

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික...

කොහුවල ප්‍රධාන පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

කොහුවල ප්‍රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක වෙඩි තැබීමක් සිදුව...

More like this