භික්ෂු විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවයි

Published on

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවක් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

ඒ සඳහා භික්ෂු විශ්ව විද්‍යාලයේ පරිපාලන අංශයේ නිලධාරින් පිරිසක් ද සහභාගී වූ බව සඳහන්.

පසුගිය දා විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ තීරණයක් මත එහි අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමුණු අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නේවාසිකාගාරවලින් ඉවත් වන ලෙස ද දැනුම්දීමක් කර තිබුණා.

පාලක සභාව විසින් ගත් එම තීරණයට හේතු වූ කාරණා පිළිබඳ ව අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා විසින් නියෝජ්‍ය අමාත්‍යාවරයා දැනුම්වත් කළ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාව හා එක් වූ බවයි කියන්නේ.

මෙහි දී විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු අඩාළ නොවී, අඛණ්ඩ ව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වුණා.

Latest articles

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමයි

ගාසා සටන් විරාම ගිවිසුම පිළිබඳ තීරණය කිරීමේ ඊශ්‍රායල කැබිනට් මණ්ඩල රැස්වීම කල් දමා තිබෙනවා. අවසාන...

සුළං විදුලි බල ව්‍යාපෘතියේ අදානී සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම ගැන අධිකරණයෙන් නියෝගයක්

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන...

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් කැපවී සිටිනවා – චීනය

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් චීනය කැපවී සිටින බව චීන ජාතික...

කොහුවල ප්‍රධාන පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

කොහුවල ප්‍රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක වෙඩි තැබීමක් සිදුව...

More like this