මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.
අද(16) පෙරවරු 9.20ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි පැවසෙන්නේ.
වෙඩි වැඩීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙක් ප්රතිකාර සදහා රෝහල් ගත කර තිබෙනවා.
තුවාල ලැබූවන් අධිකරණයේ කිසියම් නඩු කටයුත්තක් සදහා පැමිණ සිටි අය බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.