අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද ( 14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා
පොංගල් බත සැකසීම ඇතුළු සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල් තැන දෙමින් උත්සවය සැමරීම මෙහිදි සිදු කෙරුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නර්තත හා ගායන අංග කිහිපයක් ඉදිරිපත් කිරීමද මෙහිදී විශේෂත්වයක්.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන මහත්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා .