සොබාදහම අගය කරන්න, ගෞරවය දක්වන්න – අගමැති හරිනිගේ තෛපොංගල් සුබ පැතුම් පණිවුඩය

Published on

අදට (14) යෙදී ඇති තෛපොංගල් දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එම පණිවුඩය පහතින්.

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නකි.

මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරළා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණකි.

අපි සැවොම සොබාදහමේ නිර්මාණයන් වන්නෙමු.

සොබාදහමට පිටුපා අපට යාහැකි ගමනක් නැත.

එහෙයින් සොබාදහමින් අප ලැබූ ආශිර්වාදය වෙනුවෙන් නැවත කෘතගුණ සැලකීම ඉතා උතුම් මනුෂ්‍ය ගුණාංගයකි.

රටක් වශයෙන්ම අප සුවිශේෂී සන්ධිස්ථානයකට එළඹ සිටිමු.

ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක්ද ඇතිකරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයාමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබේ.

ආණ්ඩුව සහ රාජ්‍ය ලෙස අප ඒ බැරෑරුම් සහ වගකීම් සහගත ක්‍රියාවලියට පිවිස පරිවර්ථනීය වෙනසක් කරා ගමන් කිරීම අරඹා ඇත්තෙමු.

සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම සහ අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක්ද වෙයි.

ඔබ සැමට ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා.! යැයි මම සුබපැතුම් එක්කරමි.

Latest articles

දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය...

ජනපති අනුර අද චීන ජනපති ⁣හමුවෙයි

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පස්වරුවේ...

දවුලගල සිසුවියක් පැහැර ගත් සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

දවුලගල දී පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට එක සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත...

දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි නීති කිහිපයක්

නිමාව දුටු ටෙස්ට් තරගාවලි කිහිපයකදීම ඉන්දීය කණ්ඩායම දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් කණ්ඩායමට දැඩි...

More like this