තමීම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට නිල වශයෙන් සමුදෙයි

Published on

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව බංග්ලාදේශ සුපිරි ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළා .

දීර්ඝ කාලයක් තමන්ට ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගි වීමට නොහැකි වීම මත මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

ශූරයන්ගේ කුසලාන තරඟාවලිය සඳහා කණ්ඩායම තෝරන අවස්ථාවේදි විවිධ පාර්ශවවලින් එල්ල වන විවේචන හමුවේ කණ්ඩායමේ අවධානය කඩාකප්පල් කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි ඔහු පවසන්නේ.

මීට පෙරද තමීම් ඉක්බාල් ජාත්‍යන්තර පිටියට සමුදුන් අතර එවකට බංග්ලාදේශ අගමැතිනි ශීක් හසීනාගේ ඉල්ලීම මත ඔහු එම තීරණය ඉල්ලා අස්කර ගත්තා.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this