ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඕස්‍ට්‍රේලියාව පෙරමුණේ

Published on

අද (27) පැවැත්වුණු සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී නිමා වුණේ තරඟයේ පාලනය ඕස්ට්‍රේලියාව දෙසට නතු කරමිනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 474කි.

ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව දිනය නිමා වන විට ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී ලකුණු 164ක් වේ.

අද දිනය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි අතර, ස්ටීවන් ස්මිත් රැස් කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් ඔවුන් ලකුණු 450 සීමාව ද පසු කර යාමට සමත් වූවා.

7 වැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවයක් ද ගොඩ නගමින් නායක පැට් කමින්ස් ලකුණු 49ක් ලබා ගනිමිනුයි තරඟයට සහායක් ලබා දුන්නේ.

ස්මිත් රැස් කළ ලකුණු ප්‍රමාණය හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් සමඟින් 140 (197) ක්.

උස්මාන් කවාජා ලකුණු 57 ක්, සෑම් කොන්ස්ටස් ලකුණු 60 ක්, හා මර්නස් ලබුෂේන් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 99කට දවා ගත් කඩුලු සංඛ්‍යාව 4 ක්.

එමෙන්ම රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් හා ආකාශ් දීප් කඩුලු 2 ක බැගින් බිඳ හෙලුවා.

පසුගිය තරඟ දෙකේදී මැද පෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදුන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඉන්දීය පළමු ඉනිමේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නමුත්, ඔහු ලකුණු 3කට දැවී යාමට යි සිදු වුණේ.

අංක 3 පිතිකරු වූ කේ. එල්. රාහුල් ලකුණු 24 යි.

එම කඩුලු දෙකම දවා ගත්තේ පැට් කමින්ස්ය.

අනතුරුව යශස්වි ජයිස්වාල් සමග පිටියට එක් වූ විරාත් කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

නමුත් ජයිස්වාල් ලකුණු 82 කට දුවද්දී දැවී යාමත් සමඟයි තරඟයේ පාලනය ඕස්ට්‍රේලියාව දෙසට නතු වීම ආරම්භ වූයේ.

ස්කොට් බෝලන්ඩ් කෝලි ලකුණු 36කට දවා ගැනීමට සමත් වූ අතර, පසුව ඔහු විසින්ම ආකාශ් දීප්ගේ (ලකුණු 0) කඩුල්ල ද දවා ගනු ලැබුවා.

මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු සංඛ්‍යාව 310 ක් පිටුපසිනුයි පසුවන්නේ.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this