ගංවතුරෙන් බේරීමට පැය 02ක් ගසක එල්ලී සිටි ඕස්ට්‍රේලියානු දැරියන්

Published on

දැඩි ගංවතුරෙන් දිවි ගලවා ගැනීම සඳහා පැය ගණනක් ගසක එල්ලී සිටි දැරියන් තිදෙනෙකු පිළිබඳ පුවතක් උතුරු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

ක්වීන්ස්ලන්ත ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම ළමුන් තිදෙනා ඉරිදා රාත්‍රියේ මාරීබා අසළ බැරන් ගඟ මධ්‍යයේ [ගං ඉවුරේ සිට] මීටර් 15 ක් පමණ දුරින් ගසක එල්ලී සිටි බවයි.

වයස අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවන මෙම දැරියන් ගංවතුරේ පිහිනමින් සිටි ළමුන් පිරිසකගේ කොටසක් බවට විශ්වාස කෙරෙනවා.

ඔවුන් පැය දෙකකට ආසන්න කාලයක් මෙලෙස ගසේ එල්ලී සිට ඇති අතර රාත්‍රී 7 ට පමණයි බේරා ගැනීමට හැකි වී තිබෙන්නේ.

මේ අතර හදිසි කාර්ය මණ්ඩලය සෙනසුරාදා රාත්‍රියේ කේර්න්ස් අසල ග්‍රැනයිට් ක්‍රීක් වෙත කැඳවා ඇති අතර, ගංවතුර ජලයේ සිරවී ඇති ට්‍රක් රථයක වහලය මත 65 හැවිරිදි මිනිසෙකු සහ ඔහුගේ සුනඛයා ද බේරා ගෙන තිබෙනවා.

පසුව එම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ බ්‍රිස්බේන් හි උතුරේ බුන්ඩබර්ග් අසළ ගංවතුර ජලයේ සිරවූ වාහනය සිටි පුද්ගලයෙකු ද බේරාගෙන ඇති අතර පසුව ඔහුට දඩ නියම වී තිබෙනවා.

කරදරයට පත්වීමට පෙර මාර්ග සංඥා කිහිපයක් පසුකර ගොස් ඇති බව පොලිසිය තීරණය කිරීමෙන් පසු මාර්ග ප්‍රවේශ සංඥාවලට අකීකරු වීම සහ නිසි සැලකිල්ලකින් සහ අවධානයකින් තොරව රිය පැදවීම හේතුවෙන් ඔහුට ඩොලර් 838 ක දඩයක් නියම කළ බවයි පැවසෙන්නේ.

Latest articles

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර

‍නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකළ දන්සල් 8ක් අත්හිටුවීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය...

බන්ධනාගාරයේ සිටින පිලිපීනයේ හිටපු ජනාධිපති නගරයේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරේ

හෙග්හි ජාත්‍යන්තර අපරාධ මධ්‍යස්ථානයේ (ICC) අත්අඩංගුවේ පසුවන පිලිපීනයේ හිටපු ජනාධිපති රොද්‍රිගෝ දුටර්ටේ තම පවුලේ...

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හා ජර්මානු සෞඛ්‍ය සන්ධානයේ කළමනාකාර අධ්‍යක්ෂිකා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හා ජර්මානු...

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

More like this