ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 දක්වා

Published on

ජනාධිපති කාර්යාලය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක් ව ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඊයේ (22) කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ජනාධිපති කාර්යාල පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය විදුලි පහන් ආලෝකය දල්වා නත්තල් කැරොල් ගී ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කෙරුණ අතර ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම විසිනුයි ඉදිරිපත් කරනු ලැබුවේ.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 25 වන දා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

අද දිනයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගීතිකා සහ වාද්‍ය කණ්ඩායම් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීමට නියමිතය.

ඊයේ දිනයේ පැවති ප්‍රසංගය නැරඹීමට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නජිත් ඉන්දික, ලක්මාලි හේමචන්ද්‍ර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

Latest articles

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

More like this