රටට අහිමිව යන වන අලි සම්පත රැක ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ වැඩසටහනක් දියත් කර තිබෙනවා.
2024 වසරේ මේ දක්වා කාලය තුළ අනවසර විදුලි රැහැන් හේතුවෙන් වන අලින් 50 දෙනෙකුගේ පමණ දිවි අහිමි වී තිබෙන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මෙලෙස නීතිවිරෝධී ලෙස විදුලි රැහැන් අදින පුද්ගලයින්ට එරෙහිව දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
මෙි අතර වන අලින් ආරක්ෂා කර ගැනීම සදහා විදුලි බල මණ්ඩලය මහජන සහයද අපේක්ෂා කරනවා.
ඒ අනුව අනවසර විදුලි රැහැන් පිළිබඳව තොරතුරු 0112118767 යන දුරකථන අංකයට හෝ හදිසි වැටලීම් අංශයේ 1987 යන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.