රට තුළ නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහතික කිරීම සදහා කඩිනම් ප්‍රතිසංස්කරණ සදහා මුලපුරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් අධ්‍යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා මෙම ඉල්ලීම සිදුකළා.
වැදගත් කේෂ්ත්‍ර තුනක් ඔස්සේ මේ සම්බන්ධයෙන් ක්ෂණික අවධානය යොමු කළ යුතු බවයි ඔවුන් මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව බරපතල අපරාධ සම්බන්ධයෙන් මහාධිකරණවල දිනපතා විභාග කිරීම, දූෂණ පාලන ප්‍රතිසංස්කරණ සහ නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම එම කේෂ්ත්‍ර තුන ලෙස නම් කර තිබෙනවා.
මෙම යෝජනා කෙරෙහි අවධානය යොමු කර පූර්ණ සැලකිල්ලක් දක්වන්නේ නම් රජයේ ක්‍රියාමාර්ග සහ ඒවාට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවයි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිකුත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.