මීගොඩ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Published on

මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 14 වැනිදා මීගොඩ නාගහවත්ත ප්‍රදේශයේ දි මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය එක්ව විමර්ශනයක් ආරම්භ කළා.

මේ අනුව පසුගිය 19 වැනිදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් ඊයේ දිනයේ හෝමාගම සහ මීගොඩ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 22,26 සහ 38 යන වයස්වල පසුවන මීගොඩ සහ පාදුක්ක යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මොවුන්ගෙන් එක් අයෙක් වෙඩික්කරු සමග පැමිණි අයෙක් වන අතර අනෙක් සැකකරුවන් දෙදෙනා ආධාර අනුබලදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලිසිය සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Latest articles

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

More like this