මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරික්ෂා කිරීමේ දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුම අද සිට

Published on

අද (23) සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරික්ෂා කිරීමේ දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා.

පසුගිය දිනවල සිදු වූ බස් රථ අනතුරු ඇතුළු රිය අනතුරු සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත හෙට සිට උත්සව සමය අවසන් වනතුරු මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරික්ෂා කිරීම සිදු කරන අතර එම බස් රථවල රියදුරන් මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදුකරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීමට නියමිතයි.

බස් රථ අපරික්ෂාකාරී හා අන්තරාදායක ලෙස ධාවනය ,අධික වේගයෙන් රිය ධාවනය ,මාර්ග නීති උල්ලංඝනය කරමින් රිය ධාවනය,ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි පරික්ෂා කිරීම් සිදුකරන බව සඳහන්.

එම වැරදි සම්බන්ධයෙන් එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

මේ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් යෙදවීමට නියමිතයි.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක කාලය තුල රථ වාහන වැරදි සම්බන්ධයෙන් 119 හෝ 1997 යන දුරකථන අංක වෙත ජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

Latest articles

පොලිසියට කැබ් රථ මිලදී ගන්න ඉන්දියාවෙන් මුදල් ආධාර

ශ්‍රි ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා තනි කැබ් රථ මිලදී ගැනීමට ඉන්දියාවෙන් රුපියල් මිලියන...

ජනපති අද චීනයේ අයෝජන සැසි කිහිපයකට එක්වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය...

කොළඹට අද පැය 12ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (16) සවස 06.00...

ඊශ්‍රායල – හමාස් ගැටුම් නවතී, පලස්තීන වැසියන්ට යළි ගසා තීරය ලැබෙන ලකුණු

ඊශ්‍රාලය හා හමාස් සංවිධානය අතර ගාසා තීරයේ පවතින යුද ගැටුම්වලට විරාමයක් දෙමින් ප්‍රාණ ඇපකරුවන්...

More like this