හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ඊයේ සිදු වූ පෞද්ගලික බස් රථ අනතුරෙන් තුවාල ලබා දික්ඔය මුලික රෝහලේ පොලිස් ආරක්ෂා මැද නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි බස් රථයේ රියදුරු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.රාම්මුර්ති මහතා නියෝග කර තිබෙනවා.
රෝහල වෙත පැමිණි වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා වෛද්‍යවරුන්ගෙන් සැකකාර රියදුරුගේ තත්ත්වය පිළිබඳව කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සදහන්.
ඒ අනුව සැකකරු බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව මැද නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක්.