ගතවු පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මාරක රිය අනතුරු 10ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.
එම අනතුරු හේතුවෙන් පුද්ගලයින් 13ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහු සදහන් කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඒ අතරින් සිව්දෙනෙක්ම පදිකයින් බවයි.
මේ අනුව උත්සව සමයේ රිය අනතුරු බහුල විය හැකි බැවින් මේ දිනවල මාර්ගයේ ගමන් කිරිමේදි රියදුරන් මෙන්ම පදිකයින් විමසිල්ලෙන් ගමන් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ජනතාවට දැනුම් දෙනවා.