වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ගැසට්ටුව නිකුත් කෙරේ

Published on

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මේ මස 31 වන දින විශ්‍රාම යාමට නියමිත වෛද්‍යවරුන් ද ඊට ඇතුළත් බවයි.

පසුගියදා රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සහා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව බව සඳහන්.

මෙසේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්, විශේෂඥ දන්ත වෛද්‍ය නිලධාරින්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්, පරිපාලන වෛද්‍ය නිලධාරින් යන රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ වේ.

මීට පෙර වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65ක් ලෙස පැවතියද එය පසුව වයස අවුරුදු 60 දක්වා පහළ දමනු ලැබුවා.

ඒ හේතුවෙන් මෙම කරුණ සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද පැවතියා.

Latest articles

ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුමක්

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති...

සංවර්ධනය වෙන හිඟුරක්ගොඩ ගුවන් පථයට ගුවනින් පැමිණි ගුවන් හමුදාපති

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා...

Invest in Sri Lanka ආයෝජන සැසියට ජනපති එක් වෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක...

මන්නාරම අධිකරණය ඉදිරිපිට වෙඩි තැබීමක්තිදෙනෙකුට තුවාල

මන්නාරම අධිකරණය ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද(16) පෙරවරු 9.20ට...

More like this