ඕස්ට්‍රේලියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන මස් අනුභව කරන Buruli Ulcer බැක්ටීරියා අසාදනය

Published on

ඕස්ට්‍රේලියාවේ, මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වූ බවට විශ්වාස කෙරෙන මස් අනුභව කරන බැක්ටීරියාවක් වික්ටෝරියා ප්‍රාන්තය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ එමඟින් වික්ටෝරියානුවාසී සියලු දෙනාම අවධානමට ලක්ව ඇති බවයි.

Buruli Ulcer නම් මෙම බැක්ටීරියා සමේ ආසාදනය මෘදු පටකවලට හානි කළ හැකි සහ බරපතල විකෘතිතා ඇති කළ හැකි බවට
Victoria හි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන්.

මෙම බැක්ටීරියාව අසාදනය වීමෙන් ඇති වන තුවාල සාමාන්‍යයෙන් පෙනෙන්නේ සෙමින් විශාල වන වේදනා රහිත ගැටිත්තක් හෝ තුවාලයක් ලෙස වන අතර එය මුලින් කෘමීන් දෂ්ට කිරීමක් ලෙස වරදවා වටහා ගත හැකි බවයි වික්ටෝරියාහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය බෙන් කෝවී පැවසුවේ.

මෙම බැක්ටීරියා අසාදනය වික්ටෝරියා ප්‍රාන්තය පුරා ව්‍යාප්ත වෙමින් පවතින අතර එය තවදුරටත් වෙරළබඩ ප්‍රදේශවලට පමණක් සීමා නොවන බවද Cowie අනතුරු අඟවා තිබෙනවා.

මේ වන විට එය මෝනිංටන් අර්ධද්වීපය, නැගෙනහිර ගිප්ස්ලන්ඩ්, වෙස්ටර්න්පෝට්, බෙලරීන් අර්ධද්වීපය සහ ෆ්‍රෑන්ක්ස්ටන් සහ ලැන්ග්වාරින් වැනි ප්‍රදේශ වල අනාවරණය වී ඇති බව සඳහන්.

ඊට අමතරව, බ්‍රීම්ලියා, ටෝර්කේ, ඇන්ග්ලීසී, සහ අයිරීස් ඉන්ලට් නගර මෙන්ම ග්‍රේටර් ජීලෝන් හි කොටස් සහ එසෙන්ඩන්, මූනී පොන්ඩ්ස් සහ බ්‍රන්ස්වික් බටහිර අභ්‍යන්තර මෙල්බර්න් ප්‍රදේශ ඇතුළු අග්නිදිග බේසයිඩ් තදාසන්න ප්‍රදේශවල ද ව්‍යාප්ත වී ඇති බවයි කියන්නේ.

මෙම රෝගය සියලු දෙනාට වැළඳිය හැකි බවට මිනිසුන්ට අනතුරු අඟවමින් කොවී පැවසුවේ බුරුලි තුවාලය ඕනෑම වයසකදී ඇතිවිය හැකි බවත් වික්ටෝරියා ප්‍රාන්තයේන් මෙම රෝගය වැළඳුනු වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වාර්තා වී ඇති බවත්ය.

වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව, ග්‍රීෂ්ම මාසවලදී බුරුලි ආසාදන ඇතිවීමේ වැඩි අවදානමක් ඇති අතර, සාමාන්‍යයෙන් ආසාදනයෙන් පසු වණයක් වර්ධනය වීමට මාස හතරක් හෝ පහක් අතර කාලයක් ගතවේ.

දැනට, බලධාරීන් සැක කරන්නේ පොසම් සහ මදුරුවන් රෝගය සම්ප්‍රේෂණය කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවයි.

එමෙන්ම මෙම රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ නොවන බවද වැඩි දුරටත් අදහස් දක්වමින් කෝවි ප්‍රකාශ කර තිබෙනවා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...