“Brain Into Business 2024” උපාධිධාරි ව්‍යවසායක උදාන වැඩසටහන 10වන වරටත් ඊයේ පවත්වයි

Published on

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද “Brain Into Business 2024” උපාධිධාරි ව්‍යවසායක උදාන වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

ඒ ඊයේ (20) දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පළමු මහළ ශ්‍රවණාගාරයේදීයි.

මෙම ව්‍යවසායක උදාන වැඩසටහන දහවන වරටයි පවත්වා ඇත්තේ.

2014 වසරේ සිට, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෘත්තීය මාර්ගෝපදේශන ඒකක (CGU) සමඟ එක්ව “Brain into Business” වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

උගත් තරුණ තරුණියන් රැකියා සොයන්නන් වීමට වඩා ව්‍යවසායකයින් බවට පත් කිරීම සඳහා දිරි ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් සිසුන්ට ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම ලබා ගැනීමටත්, ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කිරීමටත්, පළපුරුදු ව්‍යවසායකයින්ගෙන් උපදේශන සහ මගපෙන්වීම් ලබා ගැනීමටත් අවස්ථා සැලසේ.

එම පුහුණුවෙන් පසුව, පළපුරුදු විනිසුරු මඩුල්ලක් විසින් ඇගයීමට ලක් කරන ලද ඔවුන්ගේ ව්‍යාපාර යෝජනාවල කුසලතා මත පදනම්ව තෝරාගත් සිසුන්ට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA ) විසින් මුල්‍යමය ප්‍රධානයක් ලබාදෙන අතර මේ වනවිට නව තරුණ ව්‍යවසායකයින් 200කට ආසන්න ප්‍රමාණයක් මෙම මුල්‍ය ප්‍රදානයන් ලබා දී ඇති බව සඳහන්.

රාජ්‍ය විශ්ව විද්‍යාලයනේහි වෘත්තීය මාර්ගෝපදේශන ඒකක සමඟ එක්ව ආරම්භ කළ ‌මෙම වැඩසටහන තවත් පියවරක් පෙරට තබමින් මේ වසරේදී වෘත්තීය පුහුණු අධ්‍යයන ආයතනවල පුහුණු දරු දැරියන් සඳහා ද මේ සඳහා අවස්ථාව ලබා දෙනු ලබයි.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් 14ක්, වෘත්තීය පුහුණු ලාභීන් 04 ක් සහ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වූ අත් යන්ත්‍ර, බතික් සහ ඇගළුම් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රවර්ධන ව්‍යාපෘතියේ අනුග්‍රාහකත්වය යටතේ රාජ්‍ය විශ්ව විද්‍යාල සිසුන් 10ක් සඳහා මෙම මූල්‍ය ප්‍රදානය සිදු කර තිබෙනවා.

මොරටුව, කැළණිය, කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය, පේරාදෙණිය, රුහුණ, සබරගමුව, සෞන්දර්ය කලා යන විශ්ව විද්‍යාලයන් සහ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය, මාතර විශ්ව විද්‍යාල අධ්‍යයන ආයතනය එම සිසුන් නියෝජනය කළ ආයතනයන් වේ.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුභද්‍රා වල්පොල මහත්මිය, අතිරේක ලේකම් චමින්ද පතිරාජ මහතා, කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම් (පාලන) එම්.ඒ.එස්.කාංචනා ගුණවර්ධන මහත්මිය, කප්රුක ආයතනයේ නිර්මාතෘ දුලිත් හේරත් මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ටී.ආර්. චන්දිමා මහත්මිය, අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත සේනානායක මහතා ඇතුළු නිළධාරින් සහ මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ආයතන නියෝජනය කළ පිරිස් සහභාගි වූ බව සඳහන්.

Latest articles

භික්ෂු විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවයි

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු...

ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු...

ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුමක්

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති...

සංවර්ධනය වෙන හිඟුරක්ගොඩ ගුවන් පථයට ගුවනින් පැමිණි ගුවන් හමුදාපති

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ ඉදිකරමින් පවතින ගුවන් පථයේ නිරීක්ෂණ කටයුතු සඳහා...

More like this

භික්ෂු විශ්ව විද්‍යාලයේ අචාර්යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවයි

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු...

ජනපතිගේ චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සිව් දින චීන රාජ්‍ය සංචාරයේ දී මෙරටට හිමි වු...

ජනපතිගෙන් චීන ආයෝජකයන්ට ඇරයුමක්

ස්ථාවර ශක්තිමත් පාලනයක් හා විනිවිදභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට පැමිණෙන ලෙස ජනාධිපති...