“Clean Sri Lanka” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට 18 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක්

Published on

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ‘ යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර තිබෙනවා.

ඒ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය.

එම ගැසට් නිවේදනය ඊයේ (19) දින ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ බව සඳහන්.

ජනාධිපති ලේකම් එන් එස් කුමානායක, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයින් 18දෙනෙකු මෙම බලකායට ඇතුළත් ය.

මීට අමතරව ආචාර්ය අනුරුද්ධ ගමගේ,ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතාද ඊට නම් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිදියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම මෙම වැඩසටහනේ අරමුණු බවයි.

එම අරමුණු ළඟා කර ගැනීමට ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම,මෙහෙයවීම,ක්‍රියාත්මක කිරීම,ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබෙන කාර්යයන් වේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට තීරණය කරනු ලැබුවේ පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදීයි.

Latest articles

කොහුවල ප්‍රධාන පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

කොහුවල ප්‍රධාන පෙළේ පාසලක් ඉදිරිපිට පිහිටි වාහන අමතර කොටස් අලෙවි සැලක වෙඩි තැබීමක් සිදුව...

ඇප කොන්දේසි කඩ කළ පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

ඇප කොන්දේසි කඩකරමින් විදෙස් ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පොඩි ලැසී...

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කරන්න පොහොට්ටු කාර්යාලයක්

දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීමට ශ්‍රි ලංකා පොදුජන නව කාර්යාලයක් විවෘත කර තිබෙනවා. නෙලුම් මාවතේ ප්‍රධාන...

ජනපති චීන අගමැති ලී ච්‍යං අතර හමුවක්

චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර...

More like this