ලොව ප්‍රකට Mango හි ප්‍රකෝටිපතියා Isak Andic හදිසි අනතුරකින් මරුට

Published on

මහා වීදි විලාසිතා ජාලයක් වන Mango හි ප්‍රකෝටිපතියා වන Isak Andic හදිසි අනතුරකින් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පවුලේ සමාජිකයින් සමග ස්පාඤ්ඤයේ, බාසිලෝනාහි කඳුකර ප්‍රදේශයක ගුහා ගවේෂණයක නිරත වන අවස්ථාවේ මිටියාවතකට ඇද වැටීමෙන් ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මිය යන විට ඔහුගේ වයස, අවුරුදු 71කි.

තුර්කියේ උපන් Isak 1984 දී බාර්සිලෝනා හි ඔහුගේ සොහොයුරා වන Nahman ගේ සහාය ඇතිව Mango ආරම්භ කර තිබෙනවා.

මේ වනවිට එය ලොව රටවල් 120ක් පුරා ව්‍යාප්තව අලෙවි සැල් 3000ක් පමණ පවත්වාගෙන යයි.

ඇස්තමේන්තු ගත කළ තොරතුරුවලට අනුව ඇන්ඩික්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 4.5 (පවුම් බිලියන 3.6) බවයි කියන්නේ.

ඔහුගේ අනතුර සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ද ශෝකය පළ කර තිබුණු බව සඳහන්.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this