දකුණු කොරියානු ජනාධිපති දෝෂාභියෝගයෙන් පැරදෙයි

Published on

දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේදී පවත්වා තිබුණේ.

ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වනදා රාත්‍රියේ දී හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින් එරට විපක්ෂය ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවා.

කෙසේ වුවද, පළමු වරට ගෙන ආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත් වී තිබුණු බව සඳහන්.

ඒ අනුවයි ඔහුට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ (13) පියවර ගත්තේ.

එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඊට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85කි.

ඒ අනුවයි , දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වුයේ.

මෙහිදී ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා දැමෙන අතර එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරන බවයි මාධ්‍ය පවසන්නේ.

Latest articles

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂ නායකත්වයට කාන්තාවක්

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා කාන්තාවක් පත්කර තිබෙනවා. සූසෑන් ලෙයිහ් නැමැති ඇය මෙසේ...

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – පොලිසිය

වෙසක් උත්සවය වෙනුවෙන් අද දිනයේත් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. වෙසක් සිරි නැරඹිමට...

More like this