දකුණු කොරියාවේ ජනපතිට (Yoon Suk Yeol) එරෙහි දෙවන දෝෂාභියෝගය අද (14) දින පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අද ඔහු දෙවන දෝෂාභියෝග ඡන්දයකට මුහුණ දෙන්නේ රටම කම්පනයට පත් කළ, ඔහුගේ ජනාධිපති ධුරය අනතුරේ හෙළූ සහ ඔහුගේම පක්ෂය දෙකඩ කළ පියවරක් වූ, යුද නීතිය පැනවීමට ගත් කෙටි කාලීන උත්සාහය සම්බන්ධයෙනුයි.
ජනපතිම යුද නීතිය පැනවීම ඉවත් කරගත් නමුත් එය රට ව්‍යවස්ථාමය අර්බුදයකට ඇද දැමූ අතර, ජනපතිවරයාම රටේ නීතිය කඩ කළ පදනම මත ඔහුට ඉල්ලා අස්වන ලෙස පුළුල් ඉල්ලීම් ඉදිරිපත් වුවා.
පසුව එම පියවර රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමක් ලෙස ගත් ආරක්ෂක පියවරක් බවට ජනපති යූන් ජාතියෙන් සමාව අයැද සිටියා.