ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවේ ගුකේෂ්

Published on

ඉන්දීයාවේ 18 හැවිරිදි ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju) ලොව ළාබාලතම චෙස් ශූරයා බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔහු මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරඟාවලියේ අවසන් මහා තරඟයේදීයි.

ඒ වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමින්.

ඒ අනුව ඩිං ලිරන්ව පරාජය කළ ගුකේෂ් දොමරජු,18 වැනි ලෝක චෙස් ශූරයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

මෙම තරඟයෙන් ජයග්‍රහණය කළ ගුකේෂ් දොමරජු වයස අවුරුදු 6 හමාරේ සිට චෙස් ක්‍රීඩාවට යොමු වී ඇති බව කියයි.

එමෙන්ම ඔහු මෙම ජයග්‍රහණය ලබන්නට හීන මවමින් සිටි බවද පවසා තිබෙනවා.

ගුකේෂ් දොමරජු හමුවේ පරාජයට පත්වූ චීනයේ ඩිං ලිරන් මෙතෙක් ලෝකයේ පස්වන ස්ථානයේ සිටි චෙස් ශූරයා බවයි විදෙස් වාර්තාවන්වල දැක්වෙන්නේ.

තරඟ 14 කින් සමන්විත ලෝක ශූරතා තරඟාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණා.

එමෙන්ම ඔහු විශ්වනාදන් ආනන්ද්ගෙන් පසු ඉන්දියාවෙන් වාර්තා වුණු දෙවන ලෝක ශූරයා ද වීම සුවිශේෂීයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this