2025 පළාත් පාලන මැතිවරණයට අදාළව අද (06) දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි චන්ද්‍රාලෝක දහම් පාසල් ගොඩනැගිල්ලේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබුවා.
සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැද ගන්නා ලෙසත්,සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු ගම් හදා, රට හදන වැඩපිළිවෙළට එක්වෙන බවයි.
ජනතාවට ලබා දිය යුතු දේශපාලන පණිවිඩ නිත්‍යානුකූලව ලබා දිය යුතු කාලයේ එම දේශපාලන පණිවිඩ ලබා දුන් බවත්, එම නිසා නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙනුවෙන් සියලු දෙනා අත්වැල් බැද ගන්නා ලෙසත්, එහි දී ජනතාව ලබා දෙන තීරණයට සියලු දෙනාම ගරු කරන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ.