ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳ අසත්‍ය ප්‍රකාශයක් සමාජ මධ්‍යයේ පළ කිරීම සම්බන්ධයෙන් තුසිත හල්ඔළුව මහතාට CIDයෙන් කැඳවීමක් සිදු කර තිබෙනවා.
ජනපති සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශන ආරම්භ කරනු ලැබුවේ.
පොලිසිය සඳහන් කළේ එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින්, එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව ලබන 07 වනදා උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇති බවයි