2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් කෙරුණා.
පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරාගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම අද (06) පෙරවරු 7ට ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4ටයි අවසන් වූයේ.
මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් සංඛ්‍යාව 17,156,338ක්.
දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධීන කණ්ඩායම් 257ක් ඇතුළු මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් 75,589 දෙනෙකු තරග වැදුණා.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ සභිකයින් 8,287 දෙනෙකු මෙවර ඡන්ද විමසීමෙන් තෝරාගනු ලබන බවයි.
සමස්තයක් ලෙස අද දිනයේ ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවැති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශ කළේ.
සුළු සිදුවීම් කිහිපයක් හැරුණු කොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් තරම් සිද්ධි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බවද පැෆ්රල් සංවිධානය සඳහන් කළා.
මේ අතර මේ වනවිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවත් සුළු මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි.