මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි ඉතිරි ලාංකිකයන් 15 දෙනාත් මුදවා ගනියි – විදේශ අමාත්‍යාංශය

Published on

මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි ඉතිරි ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද (මෙතෙක් වාර්තා වූ) අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

ඒ තායිලන්ත රජය හා සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.

15 දෙනාගෙන් යුතු ශ්‍රී ලාංකිකයන් පිරිස අද පෙරවරුවේ මියන්මාර – තායිලන්ත දේශසීමාවේ මියාවඩි ප්‍රදේශයේ මීසෝට්හි දී තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපති විජයන්ති එදිරිසිංහ මහත්මිය වෙතයි තායිලන්ත බලධාරීන් විසින් භාර දෙනු ලැබුවේ.

ශ්‍රී ලාංකිකයන් භාරගැනීමේ අවස්ථාවට තායිලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

මෙම පිරිස මුදවාගනු ලැබුවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය මරිස් සන්ගම්පොන්ස්ගා (Maris Sangiampongsa) මහතා සහ මියන්මාර විදේශ කටයුතු අමාත්‍ය යූ තාන් ස්වේ (U Than Swe) මහතා සමඟ වරින් වර කළ දුරකථන සංවාදවල ප්‍රතිඵලයක් අනුවයි.

මෙසේ සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි ශ්‍රී ලාංකියන් මුදවාගැනීමේ ක්‍රියාවලියට රාජතාන්ත්‍රිකව මැදිහත් වූ තායිලන්ත තානාපති කාර්යාලය, ප්‍රවාහන පහසුකම් සැලසූ සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර කාර්යාලය, සෙසු සුබසාධන පහසුකම් සැලසූ රාජ්‍ය නොවන ආයතන සහ තායිලන්ත හා මියන්මාර රජයන්ගේ කාර්යභාරය අමාත්‍ය විජිත හේරත් මහතා ඇගයීමට ලක් කරනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this