පළාත් පාලන මැතිවරණය අද

Published on

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දිවයින පුරා මධස්ථාන 13,759 කදී අද පෙරවරු 7.00 ටයි ආරම්භ වූයේ.

ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783ක දී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බවයි.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.

පළාත් පාලන මැතිවරණයේ දී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළා.

මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ සහන සැලසීම වෙනුවෙන් විශේෂ මැදිරියක් ස්ථාපිත කර අර ඇති බවයි.

Latest articles

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නෙවෙයි – නරේන්ද්‍ර මෝදි

ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක්...

වෙළෙඳපොළේ ලුණු හිඟයක් මතු වෙලා – ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ...

කැනඩාවේ දමිළ ස්මාරකය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය

කැනඩාවේ දී LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට...

More like this