හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එළැඹෙන ජුලි මස 10 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් අරමුදල්වලින් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී.අයි.පයිප්ප බට මිලදී ගැනීම තුළින් දූෂණය නැමති වරද සිදුකර ඇති බවටයි හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු ගොනු කර තිබුණේ.
මෙහිදී අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ විභාග වන අතර විනිසුරුවරයා අද (05) දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව කල් තබන බවයි.
ඒ අනුව නඩුව එළැඹෙන ජුලි මස 10 වැනි දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කරනු ලැබුවා.