සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
මේ අනුව 2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් පවත්වන පූර්ව සාකච්ඡාවල එක් පියවරක් ලෙසයි මෙය ආරම්භ කර තිබෙන්නේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව තිබෙන බව සඳහන්.